ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසාදිතයින් 5 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් යළි ඉහළට

Mohamed Dilsad

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment