ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සම්මාන 2019 අදයි

Mohamed Dilsad

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

Mohamed Dilsad

කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් අත්හිටුවයි – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

Mohamed Dilsad

Leave a Comment