ප්‍රමුඛ පුවත 1

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කදුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර ශ්‍රී ලංකා තැපැල් සේවය නව සේවාවක් ආරම්භ කරයි.

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මතක සැමරුම් තැපැල් පතක් තම නෑදැ හිත මිතුරන් වෙත යැවීමේ අවස්ථාව මින් උදා වේ. කදු මුදුනේ ස්ථාපිත කර ඇති යුධ හමුදා සුභ සාධක වෙලද සැල මගින් මෙම සැමරුම් කාඩ්පත් හා මුද්දර නිකුත් කරයි. දෛනිකව යුධ හමුදා වෑන් රථයක් නුවර එළිය තැපැල් කාර්යාලය වෙත පැමිණෙන නිසාවෙන් එම වෑන් රථයෙන් තැපැල්කරු මහතෙකු එම ස්ථානයට යවා තැපැල් පෙට්ටියේ ඇති සැමරුම් කාඩ්පත් රැගෙන විත් බෙදා හැරීමට කටයුතු කරනු ලබයි.

ලෝක තැපැල් දින ජාතික උත්සවයට සමගාමීව මෙම සේවා ආරම්භ කරමින් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මැතිතුමා ප්‍රථම සිහිවටන කාඩ් පත ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත තැපැල් කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා, මධ්‍යම පලාත් නියෝජ්‍ය තැපැල්පතිනිය වන චමීෂා ද සිල්වා මහත්මිය, අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් රමීම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. මෙම නව සේවාව පිළිබධ සංකල්පය නුවර එළිය ප්‍රධාන තැපැල් ස්ථානිධිපති ඩබ්ලිව්. එන්. සී. කේ. විදුරපොල මහතාගෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල අසාර්ථක නොකරන්න [VIDEO]

Mohamed Dilsad

රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනපති කියයි

Mohamed Dilsad

අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන,උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment