ප්‍රමුඛ පුවත 1

අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන,උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් – ඇමති රිෂාඩ්

(UTV|වව්නියාව) – සෑම අතින්ම විවිධ හැකියාවෙන් යුත් දක්ෂ මානව සම්පත් අපේ රටේ සිටිනවා. දක්ෂයන්ගේ දැනුම රටේ සංවර්ධනයට යොදා ගැනීමට, හැකි උපරීමයෙන් කටයුතු කළ යුතු යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සමගාමීව ක්‍රියාත්මක උතුරු පළාත් වැඩසටහනේ සමාරම්භක උත්සවයේදීය.

එම උත්සවය වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 01දා පැවැත්විණ.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය”දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හතරක පමණ දායකත්වයක් දක්වන උතුරේ පළාතේ රැකියා නොමැති විශාල පිරිසක් සිටිනවා. 2022 ඇ.ඩො. බිලියන 28ක අපනයන ආදායමක් උපයාගැනීමේ අරමුණින් දියත් කෙරෙන, අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් වේවි. මේ වැඩසටහනට සමගාමීව වව්නියාව, මන්නාරම, යාපනය දිස්ත්‍රික්වල ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ නව ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදමින් තිබෙනවා”.

මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සිවශක්ති ආනන්දන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක, වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්. හනීෆා මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන් රාස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අදයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් සහ වනජීවී මාර්ගෝපදේශකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

Leave a Comment