ප්‍රමුඛ පුවත 1

එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – එමිල් රන්ජන් ළමාහේවා තවදුරටත් ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ එම නඩුව අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මීට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින සැකකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම පරීක්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත් කරන මෙන් රහස් පොලිසිය ඉල්ලීම් කළහ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

අර්බුදය විසදීමට අදත් පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment