ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා පෙන්වා දුන් ඉයන් මොර්ගන්

(UTV| කොළඹ) – 2007 වර්ෂයේදි ශ්‍රී ලංකාවේදි පැවැති එක්දින තරගාවලිය පොල් කොලින්වුඩ්ගේ නායකත්වය යටතේ 3-2 ලෙස ජයගැනිමේදි ප්‍රභල අභියෝගයකට මුහුණ දීමට සිදුවු බව ,එංගලන්ත කණ්ඩායමේ වත්මන් එක්දින නායක ඉයොන් මොර්ගන් ශ්‍රී ලංකා තරග සංචාරයට පෙරාතුව ඩේලී මේල් වේබි අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමීන් සඳහන් කර තිබේ.

නමුත් මෙවර 2007 කණ්ඩායමේ සිටි ප්‍රභල අභියෝගයන් වු කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන හා ටි.එම් ඩිල්ෂාන් මෙ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නොමැති බවද හෙතෙම පෙන්වා දී තිබේ.

එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ක්‍රීඩකයින් නොමැති විම මෙම අවස්ථාවේ තදින් දැනෙනු ඇති බවද මොර්ගන් සඳහන් කර තිබේ.

එසේම එංගලන්ත කණ්ඩායම සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩායමක් බවත් ඕනැම තත්වයකදි ක්‍රීඩා විලාශය හෝ මානසිකත්වය වෙනස් නොකර ගන්න ගන්නා බවත් එහෙයින් සමහර විට මෙහිදි සිය කණ්ඩායම පෙරමුණ ගනු ඇති බවද මොර්ගන් වැඩි දුරටත් ඩෙලි මේල් වෙත සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තරග 05 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

‘හතුරු’ ගැන බංග්ලාදේශයෙන් ඉඟියක්

Mohamed Dilsad

මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව යහපත් අතට හැරවිය හැකි වසරක් – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

Leave a Comment