ක්‍රීඩා

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන මහේල කියන කතාව

(උදයම්,කොළඹ)   –  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන අදහස් පළ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ උඩපන්දු ගිලිහී යන්නේ ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවයේ ගැටළුවක් නිසා නොවන බවයි.

ඊට හේතුව වන්නේ උඩපන්දු රැක ගැනීමේ තාක්ෂණයේ දෝෂ බවද මහේල පවසා තිබේ.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහු ඊට උදාහරණයක් ලෙස 2007 ලෝක කුසලානයේ දී ඉන්දියාවේ රොබින් උත්තපා දවා ගැනීම සඳහා බර්මියුඩා ක‍්‍රීඩක ඩ්වේන් ලෙව්රොක් රැකගත් විශිෂ්ට උඩපන්දුවේ ඡායාරූපයක් ද එක්කර තිබේ.

කිලෝග‍්‍රෑම් 127ක් බරැති මෙම ක‍්‍රීඩකයා රැකගත් මෙම උඩපන්දුව ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඡායාරූප 32 අතරට ද ඇතුළත්.

 

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

Mohamed Dilsad

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment