ක්‍රීඩා

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සුදානම්

(UTV| කොළඹ) – මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

එහි නායකයා වන්නේ නිපුන් ධනංජයයි.

රටවල් 8 ක් ඊට සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙහිදී  A කාණ්ඩයෙන් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ කුවේටය තරග වදින අතර  B කාණ්ඩයෙන්  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය තරඟ වැදීමට නියමිතව තිබේ.

ඔවුන් සැප්තැම්බර් මස 03 වනදා ශ්‍රී  ලංකාවට පැමිණීමට නියමිතය.

කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 05 වනදා ඉන්දියාව සහ කුවේට් අතර , තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ නේපාලයට එරෙහි තරඟය සැප්තැම්බර් මස 06 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ආසියානු කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරඟමාලාව ලබන මස 05 වනදා සිට 14 වනදා තෙක් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

තෙවන වරටත් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය හිමිකරගත් මෙසී!

Mohamed Dilsad

Leave a Comment