ක්‍රීඩා

නායක ජේසන් හෝල්ඩර් විවේක ගන්වයි

(UTV | බටහිර ඉන්දීය කොදෙව්) – අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් විවේක ගන්වා ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

කොදෙව් තේරීම් කමිටුවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් සිය කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කර ඇති බවයි.

ඒ හේතුවෙන් ජේසන් හෝල්ඩර් හට විවේකයක් ලබා දීමේ අපේක්ෂාවෙන් ඔහු අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරග දෙකෙදී විවේක ගැන්වු බවයි සභාපතිවරයා සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් T20 තරඟය අදයි

Mohamed Dilsad

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

Mohamed Dilsad

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

Mohamed Dilsad

Leave a Comment