ක්‍රීඩා

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

(UTV  | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට හොඳම තෝතැන්නක් බවට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පත්ව ඇති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා මෙරට ජාතික ක්‍රීඩා සභාපති මහේල ජයවර්ධන පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ,

“විශේෂයෙන්ම IPL තරඟාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලැබෙනවා. උදාහරණයක් ලෙස ඉසුරු උදානට මෙවර තරගාවලියේදී ලොකු අත්දැකීමක් ලැබුණා. ඔහු සිටින ස්ථානය කුමක්ද? ඔහු නිවැරදි කරගත යුතු වැරදි මොනවද? යන්න අවබෝධයක් මෙවර තරගාවලියේදී ඔහුට ලැබෙන්න ඇති. ඒ නිසා ලෝකයේ කොහේ හෝ තරගාවලියක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු කී‍්‍රඩා කරනවා නම් ඒ හරහා ඔහුට හොඳ අත්දැකීමක් ලැබෙන බව මම දන්නවා.අපි හැමෝම දන්නවා ලසිත් මාලිංග කියන්නේ කොච්චර දක්ෂ කී‍්‍රඩකයෙක්ද කියලා. ඔහු එක දිගට අයි. පී. එල්. තරගාවලිය කී‍්‍රඩා කරමින් පසුගිය අවුරුදු කිහිපයට ලබා ගත් අත්දැකීම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා එවැනි මට්ටම එන්න කී‍්‍රඩකයින්ට අවශ්‍යයි. අයි. පී. එල්. නැතිනම් වෙනත් පි‍්‍රමියර් ලීග් තරගාවලියක් හෝ කී‍්‍රඩා කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි.

IPL ක්‍රීඩා කරන්න බැරිවුණු ක්‍රීඩකයන්ට තවත් තරග අවස්ථා ඇති බවත් ඔවුන්ට එම තරග අවස්ථා ලබාදිය යුතු බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ‘අයි. පී. එල් නැතිනම් බී. පී. එල්. තියෙනවා, එවැනි තරගාවලි ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දිය යුතුයි. පසුගිය කාලයේ මම දැක්කා සමහර ක්‍රීඩකයන්ට එවැනි තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබිල තිබුණත් අවසරය ලැබිලා තිබුණේ නැහැ. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබා තිබීම වැදගත් වෙනවා.”

 

Related posts

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ඉන්දියාවට අනපේක්ෂිත පරාජයක්

Mohamed Dilsad

Leave a Comment