ප්‍රමුඛ පුවත 1

විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කණගාටුව

(UTV| කොළඹ) – ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කණගාටුව පළ කරයි.

ඊයේ(01) පස්වරුවේ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මැතිතුමා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවීම අසා තමා දැඩි සේ කම්පාවට පත් වූ බවයි.

විපතට පත් සියලුදෙනා වෙත ශ‍්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් දැඩි සංවේගය පිරිනමන බව ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම අසීරු අවස්ථාවේ ඉන්දුනිසියාව සමග ශ‍්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන සිටින බව සිය පණිවිඩයේ සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා මෙම ස්වභාවික විපතෙන් යළි නැගී සිටීමට ඉන්දුනීසියා ජනාධිපතිතුමාටත්, රජයටත්, ජනතාවටත් සිය ආශිර්වාදය පළ කර සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment