ක්‍රීඩා

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

(UTV| කොළඹ) – ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බව, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ඊයේ (18) ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි වහාම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු සහ ක්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

එමෙන්ම අවශ්‍ය වුවහොත් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර ඒ සඳහා වෙනත් පුද්ගලයන් පත් කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

‘මෙම පරාජය ගැන ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මම ඉතාම කනගාටු වෙනවා. ක්‍රීඩාවේදී අපි ජය පරාජය දෙකම භාරගන්න ඕන. හැබැයි ක්‍රිකට්වලදී අපි බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ප්‍රශ්නයක්. එනිසා මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට බලාපොරොත්තු වෙනවා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු, තේරීම් කමිටුව සහ ක්‍රීඩකයන් සමග කතා කරලා මේ සම්බන්ධයෙන් කරුණු දැනගන්න. හේතුව අපි ලෝක මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යම් ස්ථානයක සිටි ජාතියක්.

අපේ අනෙක් ක්‍රීඩාවලට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයලා තියෙනවා. අපි ක්‍රිකට් ලෝක ශුරතා දෙකක් දිනලා තියෙනවා. එනිසා මේ වගේ පසුබෑමක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න කියලා. ඔවුන් විශාල පසුබෑමකට ලක්වෙලා තියෙනවා. වැරදි තියෙන්න පුළුවන්. හැබැයි අපේ ඉලක්කය විය යුත්තේ ඒ වැරදි හදාගෙන ඉදිරි ගමන සුබදායී කරගැනීමයි.

මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි. එනිසා අපි කණ්ඩායමේ පුහුණුකරුගෙන්, තේරීම් කමිටුවෙන් සහ ක්‍රීඩකයන්ගෙන් අහන්න ඕන මේ පරාජයට හේතු. අපි පරාද වෙද්දි ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම දිනුවම ආඩම්බර වෙනවා. එනිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැන හිතන්න අවශ්‍යයි. ක්‍රීඩකයන් කලකිරීමෙන් ඉන්නේ ඔවුන්ගේ මේ පසුබෑම ගැන. එනිසා අපේ ඉලක්කය වෙන්න ඕන මේ පසුබෑම හදාගෙන ඉදිරියට යන එකයි”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

ඉන්දීය – නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය අද

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment