ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම් වෙයි

(UTV| කොළඹ) – සැප පුටු නිසා බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

අද(18) සභා වාරය ආරම්භයේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම උණුසුම් කතා බහ ඇති විය.

එහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ අදාළ පුටු ගෙන්වීම සදහා කොපමණ මුදලක් වැය වන්නේ දැයි තමන් නොදන්නා බවයි.

ඒ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහේෂ් අල්මේදා මන්ත්‍රීවරයා ඊට විරෝධය පළ කර තිබේ.

එහිදී මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න සංජීව, මොහොමඞ් ෆායිස් සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කර ඇත .

ඔවුන් පවසා ඇත්තේ පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

අගමැති ඇතුළු සිව් දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවීමට සුදානම්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 64 දෙනෙක් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment