ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය 166 පනී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව අද (18) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 166.64ක් ලෙසත් ගැනුම් මිල 163.10 ලෙසත් සටහන් විය.

ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Editor O

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment