ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡා

(UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද (12) තීරණය කරයි.

ලාඕසයේ අග්‍රාමාත්‍ය තොන්ග්ලෝන් සිසෝව්ලිත් (Thongloun Sisoulith) හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවත්වා ඇත.

එහිදී තවදුරටත් අවධාරණය කෙරුණේ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරලීම ඔස්සේ සකස් වෙන ශක්තිමත් පදනම මත, වර්තමාන වෙළඳ, ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතාවන් ද තව තවත් පුළුල් කළ යුතු බවය.

ශ්‍රී ලාංකිකයනට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිසෝව්ලිත් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.

2009 වසරේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සිහිපත් කරමින් අදහස් දැක්වූ සිසෝව්ලිත් මහතා වික්‍රමසිංහ මහතාට ලාඕසයේ සංචාරයක යෙදෙන මෙන් ද ආරාධනා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර මැතිවරණයට දේශීය,විදේශීය නිරීක්ෂකයින් 7000ක්

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment