ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(02) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු 28 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

මොහු අද අලුයම 1.00 ට සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බ්‍රිතාන්‍ය පවුම් – 19,250 ක් , යූරෝ 95,000 ක් , සෞදි රියාල් 71,500 ක් සහ එක්සත්  අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 21,000 ක් වශයෙන් වූ මෙම විදේශ මුදල් තොගය තම ගමන් මල්ලේ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය මහතා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් සිදු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධන්ගාරයෙන් පලා ගිය සුනිල් ශාන්ත යළි අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment