ප්‍රමුඛ පුවත 1

රජරට පීඨ 04ක් තාවකාලිකව වැසේ

(UTV|අනුරාධපුරය) – රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04ක් තාවකාලිකව වසා දැමේ.

වෛරස් උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පීඨ 04ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව අද(19) සිට ලබන 26 වන දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ වසා දමා තිබේ.
නේවාසිකාගාර හිමි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින පස්වරු 4ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු අතර යළි 26 වන දින පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
සමාජ විද්‍යා පීඨයේ අවසන් නොවූ විභාග නැවත දෙසැම්බර් 27 වන දින සිට කාලසටහනේ අනුපිළිවෙලට පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
මේ අතර මේ දිනවල දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීමේ ප‍්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ සරසවිය ශ්‍රේණි ගත කිරීම් වලින් ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

2018 සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය

Mohamed Dilsad

Leave a Comment