Trending News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල යළි ඉහළට

(UTV|කොළඹ) – අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල යළි ඉහළ නංවා තිබේ.මෙම අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අඩු කරනු ලැබීය.

මෙලෙස අත්‍යාවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ අත්සනින් යුතුව පසුගිය 2016 වසරේ ඔක්තෝම්බර් 21 වන දා නිකුත් කරන ලද 1989 /61 දරණ ගැසට් පත්‍රය මගිනි.

එම ඖෂධ වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර එම මිල උල්ලංගණය කරන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නමුත් පසුගිය දෙසැම්බර් 14 වන දා සෞඛ්‍ය  අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව 2049/31 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මිල පහළ දමනු ලැබූ ඖෂධ 48හිම මිල ඉහළ දමා ඇත.

එහි දැක්වෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරී මිල ඉහළ සීමා නියෝග මෙමගින් සංශෝධනය කෙරෙන බවයි.

ඒ අනුව මිල අඩු කර තිබු පැරසිටමෝල් පෙතිවල සිට ආශ්වාස උපකරණ දක්වා අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල ඉහළ දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බොරු කියූ අශෝක රංවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන්න – රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Editor O

Severe traffic congestion at Ward Place

Mohamed Dilsad

Exam malpractices least during 2019 A/Level exam

Mohamed Dilsad

Leave a Comment