ප්‍රමුඛ පුවත 1

සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩි

(UTV|කුරුණෑගල) –  සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය.

සැකකරුවන් පැන යාමට උත්සහ කිරීමත් සමඟ එය වළක්වාලීමට ගිය පොලිස් නිලධාරියෙකුද මෙහිදී  තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

හෙරොයින් මත්කුඩු ජාවාරමක් පිළිබඳ ලද තොරතුරකට අනුව කුරුණෑගල පොලිසියේ නිලධාරින් ඊයේ(11) පස්වරු 6ට පමණ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයට පැමිණියේය.

මහනුවර සිට වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා මෙම හෙරෝයින් තොගය රැගෙන විත් තිබුණි.

ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔවුන් හඹා යන විට අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් වෑන් රථයට වෙඩි තබා තිබේ.

ඉන් වෑන් රථයේ රියදුරුගේ දණහිසට වෙඩි වැදී ඇති අතර ඔහු රෝහල් ගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 136 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment