ප්‍රමුඛ පුවත 1

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

(UTV| කොළඹ) – අද (10) සහ හෙට (11) යන දෙදින තුළ දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන බස්නාහිර, සබරගමුව සහ මඩකලපුව යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

අදාළ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 ක් පමණ යොදවා තිබේ.

නිරිත දිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු රෝගය ව්‍යාප්ත වී යාම වැලැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය පැකට් කරන ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියා කවුද?

Mohamed Dilsad

දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්

Mohamed Dilsad

Leave a Comment