ප්‍රමුඛ පුවත 1

ජනපති නේපාලය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

ඒ බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම වීම සඳහාය.

හෙට සහ අනිද්දා නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන මෙම සමුළුව සඳහා මියන්මාරයේ ජනාධිපතිවරයා මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ තායිලන්තය යන රටවල අග්‍රාමාත්‍යවරුන්ද එක්වීමටද නියමිතය.

අද (29) පෙරවරු 8.20ට ඉන්දියන් ගුවන් සේවයට අයත් AI 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

ජනාධිපතිවරයා සමඟ 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක්

Mohamed Dilsad

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

Mohamed Dilsad

බස් ගාස්තු වැඩිවීම ගැන තීරණය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment