ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු වැඩිවීම ගැන තීරණය අද කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) – පසුගියදා පොරොන්දු වූ පරිදි බස් ගාස්තු වැඩිකිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද (22) ඉදිරිපත් කරන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඉන්පසු කැබිනට් මණ්ඩලයේ තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අවම ගාස්තුව රුපියල් 12 දක්වා සහ සෙසු බස් ගාස්තු සියයට 12.5කින් වැඩි කළ හොත් එය බස් ගාස්තු පිළිබද ජාතික ප‍්‍රතිපත්තියට පටහැනි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මෙම අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවිය යුත්තේ සියයට 10කින් බවද අවම බස් ගාස්තුව වැඩි නොවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 සිට කොමිසමට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තොරතුරු සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී

Mohamed Dilsad

Leave a Comment