ප්‍රමුඛ පුවත 1

තොරතුරු සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී

(UTV| කොළඹ) – සැප්තැම්බර් 28 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව තොරතුරු සතිය ප්‍රකාශයට පත් කෙරේ.

එම සතිය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ආශ්‍රිත සිදු කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද දින (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, ජාතික මාධ්‍ය,මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනආරච්චි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.පී.ජයන්ත, සහකාර ලේකම් (සංවර්ධන) සුදර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Mohamed Dilsad

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment