ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද ගණන 78,403ක් ප්‍රතික්ෂේප වේ

 

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිසම පවසන ආකාරයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403 ක් ප්‍රතික්ෂේප වී තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918 ක් ඉල්ලුම්පත් භාර දී තිබේ.

ඒ අතුරින් අයදුම්පත් 6,39,515 ක් පිළිගෙන ඇති අතර රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වනදා සහ ලබන මස 01 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි ය.

ලබන මස 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇත.

ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට අවස්ථාව සලසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල විවෘත කෙරේ

Mohamed Dilsad

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment