ප්‍රමුඛ පුවත 1

මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.

කොළඹ නගරයේ පිහිටි මැකලම් පිවිසුම් උද්‍යානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණි. එම උද්‍යානය රුපියල් මිලියන 85 ක වියදමින්  ප‍්‍රතිංස්කරණ කටයුතු සිදු කර තිබේ.

නැගෙනහිර බේරේ සහ කොළඹ වරාය සම්බන්ධ කරන ඓතිහාසික මැල්කම් ලෝක්ගේට්ස් අන්තර්ගත වන මැල්කම් උද්‍යානය මීට වසර 60 කට පෙර ස්ථාපිත කෙරුණි.

වරාය හා බේරේවැව පිහිටා තිබු ගබඩා සංකීර්ණ වෙත එකල බත්තල් මගින් භාණ්ඩ ප‍්‍රවාහනය මැක්ලම් ඇල මාර්ගය ඔස්සේ සිදුකර ඇත.

එමෙන්ම කොළඹ නගරයේ ගංවතුර පාලනයටද මැල්කම් ඇල මාර්ගය සහිත මේ ප‍්‍රදේශය ඉතා වැදගත් එකකි.

මැක්ලම් පිවිසුම් උද්‍යානයට කොළඹ වරායට විවෘත වන ඓතිහාසික ලොක්ගේට් 3 සහ කොළඹ වරාය සම්බන්ධ සමුද්‍ර කෞතුකාගාරයක් අයත් වන අතර එහි ආහාරපාන සහිත විවේකාගාරයක්, සනීපාරක්ෂක පහසුකම් සහ වාහන නැවැත්විමේ පහසුකම්ද මෙහි ජනතාවට සලසා තිබේ.

Related posts

ජනාධිපතිවරයා බංග්ලාදේශය බලා පිටිත්විමට සුදානම්

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අද ජනපති කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

Leave a Comment