ප්‍රමුඛ පුවත 1

ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවතත්

(UTV| කොළඹ) – ලබන මස මැද පමණ සිට ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවත හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

මෙම ගෑස් මිල සූත්‍රය සඳහා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කැමැත්ත පළකර ඇතැයි පාරිභෝගික අධිකාරියේ නිළධාරියෙක් සදහන් කරයි.

2013 පමණ වන තුරු ගෑස් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද විවිධ හේතූන් මත එය දිගටම ක්‍රියාත්මක වී නැත.

ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දෙකටම පොදු මිල සූත්‍රයක් හඳුන්වා දීමට නියමිත අතර ලෝක වෙළෙඳපොළේ මිල ගණන්, බෙදාහැරීම්, ගබඩා කිරීම් හා පිරිවැය අනුව මිල සූත්‍රය සැකසීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය මහා භාණ්ඩාගාරය හා ගෑස් සමාගම් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

Mohamed Dilsad

Leave a Comment