ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකට අද දිනයේත් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ අද(30) අළුයම 1.00ට පමණය.

වනාතවිල්ලුව පොලීසිය සඳහන් කළේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

එහිදී ලොරි රථයේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇති අතර එම ගල් ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප්‍රවාහනය කරන ලොරි වලට මීට පෙර  පුත්තලම ප්‍රදේශයේදී අවස්ථා කිහිපයකදීම ගල් ප්‍රහාරයන් එල්ල වුණි.

එම සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගේ ජන රැළිය අද මාතරේදී

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment