ප්‍රමුඛ පුවත 1

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

(UTV|මුලතිව්) – මුලතිව් ජනතාව අද (28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරත විය.

ඒ මහවැලි L කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්යේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමිනි.

මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මහවැලි සංවර්ධනය කිරීම් යට‍තේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

රජය මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම් සිදුකිරීම හෙළා දකින බවද මෙම ජනතාව පවසයි.

මුලතිව් නගරය පුරා මාර්ග වල ගමන් කරමින් මුලතිව් වැසියන් විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුස්, ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදීන් සමඟ පොඩි හෝ සම්බන්ධයක් ඇතැයි ඔප්පු වුවහොත් මරණ දඬුවම දෙන්න – හිටපු ඇමති රිෂාඩ්

Mohamed Dilsad

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

ගායන ශිල්පිනියගේ ඝාතනයට සම්බන්ධ සැමියා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment