ප්‍රමුඛ පුවත 1

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

(උදයම්,කොළඹ)  – උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසයි.
විශේෂයෙන්  ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ විද්‍යුත් උපරකණ අලෙවි කරන ස්ථාන මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙහිදී භාණ්ඩවල ප්‍රමිතිය මෙන්ම කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරනු ඇත.මේ වන විටත් මෙම වැටලීම් සඳහා විශේෂ නිලධාරීන් යොදවා තිබේ.
වගකීම් සහතිකයක් නොමැතිව කිසිදු විද්‍යුත් උපරකණයක් විකිණිය නොහැකි වන අතර විද්‍යුත් උපකරණ සඳහා  මාස 6ක හෝ  වගකීමේ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යුද හමුදාධිපති ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Mohamed Dilsad

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment