ප්‍රමුඛ පුවත 1

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

(උදයම්,කොළඹ)  – උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසයි.
විශේෂයෙන්  ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ විද්‍යුත් උපරකණ අලෙවි කරන ස්ථාන මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙහිදී භාණ්ඩවල ප්‍රමිතිය මෙන්ම කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරනු ඇත.මේ වන විටත් මෙම වැටලීම් සඳහා විශේෂ නිලධාරීන් යොදවා තිබේ.
වගකීම් සහතිකයක් නොමැතිව කිසිදු විද්‍යුත් උපරකණයක් විකිණිය නොහැකි වන අතර විද්‍යුත් උපකරණ සඳහා  මාස 6ක හෝ  වගකීමේ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු දඹුලූ ලෙන් විහාර වසා දැමේ

Mohamed Dilsad

දුම්රිය සේවකයින් හා මුදල් ඇමති අතර සාකච්ඡා තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment