ප්‍රමුඛ පුවත 1

අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේ

(උදයම්,මාතර)  –   රුපියල් 30,000ක් අල්ලස් මුදලක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු  අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී.මාතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු මෙලෙස හක්මන , තුඩුව හන්දිය,පුංචි පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

තිහගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය සේවකයන්ට සේවක භාරකාර අරමුදල සඳහා මුදල් වෙන් කර නොමැති අතර ඒ වරදට නඩු නොපවරා සිටීමට මෙම  කම්කරු නිලධාරියා රුපියල් 60,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

එම ව්‍යාපාරිකයා ලබා දුන් තොරතුරු මත එයින් රුපියල් 30,000ක මුදලක් ලබා ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකරු අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

අතුරුදන්වූ දැරියක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment