ප්‍රමුඛ පුවත 1

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කරයි.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇත.

මේ හේතුවෙන් කොත්මලේ ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ද ජල ධාරිතාවය වැඩි වී ඇති බව වාර්තාවේ.

මේ නිසා එම ප්‍රදේශ වලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ වේල්ලට පහළින් ගඟ දෙපස සිටින ජනතාව ජාල මට්ටම පිළිබඳ  අවධානයෙන් පසුවිය යුතු බව විදුලිබලාගාර ඉංජිනේරුවන් පවසයි.

ඊට අමතරව ලක්ෂපාන ජලාශයේ ද වාන්දොරටු 2 ක් අද (15) අලුයම විවෘත කර තිබේ.

මේ හේතුවෙන් කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බව ආපදා අංශ අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment