ක්‍රීඩා

අප්‍රිකා නැඟී එන කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ලකුණූ 215 ක ජයක්

(UTV|දඹුල්ල) – සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (09) පැවැති පළමු නිළනොවන එක්දින තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 376 ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රම (141) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 252 ක සම්බන්ධතාවක් ගොඩනැගිය.

මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට ඕවර 33.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

Mohamed Dilsad

ඇන්ඩි මරේ ඉවතට

Mohamed Dilsad

Leave a Comment