ප්‍රමුඛ පුවත 1

හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වර්ධනයක්

(උදයම්,කොළඹ)  – හෙට සහ අනිද්දා දින වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය් කරයි.

දිවයිනේ නැ‍ගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්ක‍යේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.

සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම සහ බස්නාහිරපළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම්ස්ථානවල තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනපති කොමිසමට පත්කළ නව සාමාජිකයින්

Mohamed Dilsad

මඩකළපුවෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ.

Mohamed Dilsad

Leave a Comment