ප්‍රමුඛ පුවත 1

හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වර්ධනයක්

(උදයම්,කොළඹ)  – හෙට සහ අනිද්දා දින වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය් කරයි.

දිවයිනේ නැ‍ගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්ක‍යේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.

සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම සහ බස්නාහිරපළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම්ස්ථානවල තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ වැඩ සටහන හෙට (14) ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ තේරීම් කමිටු අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment