ප්‍රමුඛ පුවත 1

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

(උදයම්,කොළඹ)   – තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ජේ.පලිහක්කාර මහතා මන්නාරම කොට්ඨාශය වෙත මාරු කර ඇත.

ජී.කේ.ජේ.අපොන්සු මහතා ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර තිබේ.

එසේම පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී.වෙදමුල්ල මහතා පත් කර ඇත්තේ මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා ලෙසය.

සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එච්.නිශ්ශංක මහතා රත්නපුර කොට්ඨාශය වෙත මාරු කර යවා ඇත.

පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ සේවය කල  පොලිස් පරීක්ෂක එල්.ඩී.එල්.පෙරේරා මහතාට ජාතික උපකාරක මැදිරිය වෙත ස්ථාන මාරු ලබාදී තිබේ.

ලග්ගල ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් පරීක්ෂක යූ.එම්.අමරසිංහ මහතා පත් කර ඇති බව සඳහන්ය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි..

Mohamed Dilsad

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment