ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ තේරීම් කමිටු අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

 

(UTV | කොළඹ) – මේ වනවිට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සම්පූර්ණයෙන්ම අවසන් බව කමිටු සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසයි.

එය එළැඹෙන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නියමිතව ඇති අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලැබේ.

කතානායක කරූ ජයසූරිය විසින් අප්‍රේල් 21 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට මෙම තේරීම් කාරක සභාව මැයි 22 වැනිදා පත් කරනු ලැබීය.

එය නියෝජනය කිරීම ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කළ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයින් පත් කෙරිණි.

ඒ අනුව මෙම කමිටුව මැයි මස 29 වැනිදා පළමු වරට රැස්වූ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම විවිධ පාර්ශවයන්ගෙන් කමිටුව අවස්ථා රැසකදී සාක්ෂි සටහන් ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

Mohamed Dilsad

මෙරට විදේශ සංචිතය ඉහලට

Mohamed Dilsad

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment