විදෙස්

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවේ.

මෙම ලැව් ගිනි  මීට සතියකට පමණ පෙර ආරම්භ වූ අතර ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීමට නොහැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.

12,000කට අධික ගිනි නිවන භටයන් පිරිසක් ගින්න නිවීම සඳහා යොදවා ඇත.

ගින්නට ගොදුරුවූ හයදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වී තිබේ.අවතැන්වූ පිරිස 38,000කට අධිකය.

අක්කර 48000 කට අධික භූමි ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

Mohamed Dilsad

ට්විටර් ග්‍රාහකයන්ගේ ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment