ප්‍රමුඛ පුවත 1

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

(UTV| කොළඹ) – පසුගියදා රුපියල් කෝටි 125 ට අධික මත්කුඩු සමඟ කළුබෝවිල දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මාහීර් නැමැත්තාගේ ජංගම දුරකතනයේ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනකුගේ දුරකතන අංක ඇතුළත්ව ඇති බව අනාවරණය වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.

මොහොමඩ් මාහීර් නැමැති මේ සැකකරු සමඟ ඉහත බන්ධනාගාර නිලධාරීන් 08 දෙනා ලබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් සහ ඔවුන් මෙම ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ආශීර්වාදයක් කරගත් අපේක්ෂකයන් සිටිනවා [VIDEO]

Mohamed Dilsad

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment