ප්‍රමුඛ පුවත 1

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  – කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට(04) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන ප්‍රධාන ජලනල පද්ධතියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවේ.
ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට පසුදින අළුයම 03.00 දක්වා කාලය තුළ බේස්ලයින් පාරේ කැළණිය පාළම අසල සිට දෙමටගොඩ හන්දිය දක්වා සහ ඊට සම්බන්ධිත සියලුම අතුරු මාර්ග, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත සහ තොටළඟ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය පිලිබඳ කලාපීය සමුළුවක්

Mohamed Dilsad

2019 ආරක්ෂක සමුළුව අද ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

Mohamed Dilsad

Leave a Comment