ප්‍රමුඛ පුවත 1

ජනපති ක්‍රිකට් ක්‍රීඩකයින් මුණගැසෙයි

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිතුමා 2016 සහ 2017 වසර තුළ පැවති ක්‍රිකට් තරඟවලදී ජයග්‍රහණය හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේ අවස්ථාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

Related posts

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment