ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක්

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගයෙන් පසු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම ජාත්‍යන්තර තරග සඳහා එය බලපැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විනය කඩ කිරීමේ චෝදනාවක් මීට හේතුවී ඇති බවයි.

මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙම තාවකාලික තහනම පැණවීමට තීරණය කළේය.

මෙම විමර්ශනය අවසන් වන තුරු දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේ ධනුෂ්ක ගුණතිලකගේ තරග ගාස්තුව ගෙවීම අත්හිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

Mohamed Dilsad

Leave a Comment