ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

(UTV | කොළඹ) – 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියත් ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියත් කල් දැමීමට තීරණය කිරීමත් සමඟින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරි නිසමුදීන් චෞද්රි පවසා ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශ පිලේ පාකිස්තාන තරග සංචාරය මාර්තු මාසයේදීත්, අයර්ලන්ත තරග සංචාරය පසුගිය මැයි මාසයේදී සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ජූලි මාසයේදීත් පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙම සියලුම තරඟාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබිණි.

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා තිබූ නිසමුදීන් චෞද්රි මහතා,

“කෙසේ නමුත් මෙතෙක් අපේ රටේ කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් කිසිදු යහපත් තත්ත්වයක් පවතින්නේ නැහැ. එම නිසා මේ කාලසීමාවේදී අපේ රටින් පිට පැවැත්වීමට නියමිතව තිබූ කල් දැමුණු තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී හැකි ඉක්මනින් ශ්‍රී  ලංකා තරග සංචාරය සඳහා නව කාලසටහන යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා වගේම ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපට ඒ සඳහා පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි”යනුවෙන්ද සඳහන් කර තිබිණි.

Related posts

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

හතුරුසිංහ ගැන කියන කතා බොරු – ඇෂ්ලි ද සිල්වා

Mohamed Dilsad

Leave a Comment