ප්‍රමුඛ පුවත 1

රත්‍රන් රැගෙන ආ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට

රත්‍රං කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ(12) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් මෙම සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු 28 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, ඔහු රැගෙන ආ ගමන් මල්ලේ, ඔහු ඇද සිටි යට ඇදුම් තුළ සහ පැළද සිටි සෙරෙප්පු තුළ මෙම රත්තරන් කැබලි සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහි රුපියල් 18,86,625 ක් වටිනා ග්‍රෑම් 290.25 ක් බර රත්‍රං කැබලි 09 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන වව්නියාවේදී

Mohamed Dilsad

අමානුෂික නවකවදය පිටුදැකීමට සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

Mohamed Dilsad

Leave a Comment