ක්‍රීඩා

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූට් නම් කරයි.

ඇලෙස්ටෙයාර් කුක් පසුගිය සතියේ දී නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඉන්පසු පුරප්පාඩු වු කණ්ඩායම් නායකත්වය සඳහා ජෝ රූට් නම් කර ඇති බව වාර්තා වේ.

ජෝ රූට් 2015 වසරේ සිට කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කර ඇති අතර ලබන ජුලි මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ඔහු නායකත්වය ලබාදෙයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස බෙන් ස්ටෝක්ස් නම් කර තිබේ.

මේ අතර එංගලන්ත කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා ලබන සතියේ දී බටහිර ඉන්දිය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිත බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

Related posts

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

Mohamed Dilsad

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

Mohamed Dilsad

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment