කලා

අමීර් ඛාන් බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට

(උදයම්,ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ට බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට පත්වීමට මේ වනවිට හැකිව තිබේ.
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 450කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති ඔහුගේ “දංගල්” චිත්‍රපටය නිසාවෙන් මෙසේ මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වීමට ඔහුට අවස්ථාව හිමිව ඇති බවට ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මෙහි පළමු තැන සල්මාන් ඛාන්ට හිමිව තිබෙන අතර, තුන්වැනි තැන ෂාරුක් ඛාන්ට හිමිව තිබේ.
මෙහි මුල් ස්ථාන තුනට පත්ව ඇති ඛාන් නළුවන්ට මෙම “පවර් රෑන්ක්” ලැයිස්තුව තුළ ප්‍රසාද ලකුණු 1000කට වඩා හිමිව තිබීමද විශේෂත්වයකි.
මොවුන්ට පසුව ආක්ෂේ කුමාර්, රිතික් රෝෂන්, අජේ දේවගන් රැඳී සිටිති.

Related posts

‘ඉන්දියන්’ දෙවැන්නට කාජල් වෙනුවට ආදේශකයෙක් සොයයි

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරු යුවලක් පෙම්වතුන් වේ

Mohamed Dilsad

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

Mohamed Dilsad

Leave a Comment