ප්‍රමුඛ පුවත 1

දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය අඩුවන් ලකුණු

(UTV-කොළඹ) – දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය ජුනි මස 11 දින දක්වා (අද) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර,දකුණු සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවකියේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිට

Mohamed Dilsad

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

Mohamed Dilsad

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්..

Mohamed Dilsad

Leave a Comment