ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15 දක්වා වැඩි වෙයි

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස්ඇති බව වාර්තාවේ.

මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දිස්ත්‍රික්ක 19 කට තවදුරටත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇත

මේ නිසා පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවද 1, 25,954 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වර්ෂාවත් සමඟ එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇත.

ඔහු ගම්පහ ප්‍රදේශයේ ආපනශාලාවක බීමතින් සිටියදී ඊයේ මෙලෙස දියපහරට වැටී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

Mohamed Dilsad

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැයි දින පණිවිඩය.

Mohamed Dilsad

Leave a Comment