ප්‍රමුඛ පුවත 1

ධනංජය සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

(UTV| කොළඹ) – රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ධනංජය සිල්වාගේ පියා බව තහවුරු කෙරේ.

ඊයේ(24) පස්වරුවේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 62ක් වයසැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා යන අයයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා බවයි වාර්තා වන්නේ.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නාගරික මන්ත්‍රිවරයාට වෙඩි පහරවල් 12 ක් පමණ එල්ල වී ඇති බවද වාර්තාවේ.

මෙම සිද්ධිය පිලිබඳව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

Mohamed Dilsad

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

Leave a Comment