ප්‍රමුඛ පුවත 1

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් වන සාකච්ඡාවක්

(උදයම්,මාලදිවයින)  – මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ  එරට විදේශ කටයුතු අමාත්‍ය  ආචාර්ය මොහාමඩ් අසීම් මහතා අතර හමුවක් පසුගියදා- මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධතා කොමිසම් සභාවේ තෙවන සැසි වාරයට සහභාගීවීම සඳහා සමරවීර මහතා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවන අතර වාරයේදී බ්‍රහස්පතින්දා (09) මෙම හමුව පවත්වා ඇත.

දෙරට අතර පවතින මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව මාලදිවයින වෙත ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අමාත්‍ය හසීම් මහතා දෙරට අතර නිරන්තර සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

Related posts

රනිල් අධිකරණයට යාම ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන්ට විශේෂිත ළමා අරමුදලක්

Mohamed Dilsad

Leave a Comment