ප්‍රමුඛ පුවත 1

රනිල් අධිකරණයට යාම ප්‍රතික්‍ෂේප කරයි

(UTV| කොළඹ) – වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කළේ  අධිකරණය හමුවට ගිය ද මෙම ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන බවයි.

ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දී ඇත.

උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුව සතුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේදී පවසා ඇත.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම ඉතා හොඳ දෙයක් බවත් තමන්ට බහුතරය පෙන්විය හැකි බව විශ්වාස කරන බවත් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

Mohamed Dilsad

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්.

Mohamed Dilsad

Leave a Comment