ප්‍රමුඛ පුවත 1

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) –  18 වන වරටත් පවත් වනු ලබන ප්‍රෝ ෆුඩ් /ප්‍රෝ පැක් සහ ඇග්‍රී බිස් ප්‍රදර්ශනය 2019 (Pro Food /Pro Pack and Agbiz Exhibition) අගෝස්තු මාසයේ 02 වන දා සිට 04 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කෙරේ.

එය කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විස්(LECS) පුද්ගලික සමාගම එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙහි  දේශීය මෙන්ම විදේශීය ආහාර නිෂ්පාදනකරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 370 ක් වෙන් කර තිබේ.

මෙම ප්‍රදර්ශනයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ කුටියක් ප්‍රදර්ශනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබා දී ඇත.

ඊට මතරව මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ලබා දෙන සහයෝගය විශිෂ්ටවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් බුද්ධශාසනයට පුජා කරයිද?

Mohamed Dilsad

අලි රොෂාන් CID අත්අඩංගුවට…

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment