ප්‍රමුඛ පුවත 1

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්.

(UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ මාල දිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් අද (30) පස්වරුවේ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට බන්ධනාගාර වල සිටින මාලදිවයින් සිරකරුවන් පිලිබඳ අදහස් හුවමාරු අතර ඔවුන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් සහ නීතිමය සහයෝගය පිලිබඳ විය.

මෙහිදී අදහස් පළකරමින් අමාත්‍යවරිය සඳහන් කලේ මාලදිවයිනට අවශ්‍ය කරන පහසුකම් අධිකරණය අමාත්‍යාශය සහ විදේශ කටයුත් අමාත්‍යාශය මට්ටමින් ලබාදීමට රජය සුදානම් බවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවත් ප්‍රහාරයෙන් පසුව රටක් ලෙස යලිත් නැගී සිටීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධව සතුටු වන බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර අධිකරණ හා නීතිමය දැනුම වැඩි කිරීම පිලිබඳ අමාත්‍යවරිය හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment